ACCOUNTING ONLINE TEACHER

ආයුබෝවන් දරුවනී "ACCOUNTING ONLINE TEACHER" පංතියෙහි රෙජිස්ටර් වීම සඳහ








"ACCOUNTING ONLINE TEACHER" පංතියෙහි රෙජිස්ටර් වීම.

ආයුබෝවන් දරුවනී "ACCOUNTING ONLINE TEACHER" පංතියෙහි රෙජිස්ටර් වීම සඳහා පැමිණි ඔබ සියලුම දෙනා පංතිය මෙහෙයවන ගුරුතුමිය වශයෙන් මම සාදරයෙන් පිළිගන්නවා.


එසේම රෙජිස්ටර් වීම සඳහා ඇතුලත් කලයුතු දත්ත නිවැරදි හා සත්‍ය තොරතුරු ඇතුලත් කරනු ඇතයි මා විශ්වාස කරනවා. ( කිසියම් සිසුවෙකුට ඇතුලත් කල දත්ත වෙනස් කල යුතුනම් මා හට ඒ බව දැනුම් දෙන්න. ඔබ ට ඒ සදහා උදවු විය හැක.)


මන්ද ඉදිරියේදි මා ඔබ හා පණිවිඩ හුවමාරු කරගැනීම/ප්‍රශ්න පත්‍ර හුවමාරු කරගැනීම/කාර්‍යය පත්‍රිකා ලබාදීම වැනි කටයුතු  සදහා එම තොරතුරු භාවිතා කිරීමට අදහස් කරනවා. එසේම ඔබගේ අනන්‍යතාවය මට ඉතාමත් වැදගත් වෙනවා.


පංතිය 2021/06/10 වන දින ආරම්භ කිරීමට මා අදහස් කරනවා.


රෙජිස්ටර් වීමේ අවසන් දිනය 2021/06/09 ( කිසියම් දරුවෙකු ඉහතින් ඇති දිනයට පසු දිනයකදී මෙම පණිවිඩය ලැබුණෝතින් ඔහුටද පන්තියට සහභාගි විය හැක.

ඔබ දන්නා කිසියම් සිසුවෙක් හෝ සිසුවියක් වේ නම් ඔවුන් හට හැකි ඉක්මනින් පහත ඇති ලින්ක් එක මගින් පංතියට රෙජිස්ටර් වන ලෙස දන්වා සිටින්න. මන්ද පංතියට හා පංතියේ සියලුම ක්‍රියාකාරි කටයුතුවලට සහභාගි විය හැක්කේ රෙජිස්ටර් වූ දරුවන්ට පමණි. (රෙජිස්ටර් වීම අනිවාර්යවේ.)

• රෙජිස්ටර් වීම සදහා ලින්ක් එක :-https://forms.gle/iWex6k1rscCj2BXk6

ඔබට විභාගයෙන් විශිෂ්ට සම්මාන‍යක් ලබා ගැනීමට සැලැස්වීම මාගේ බලාපොරොත්තු වන අතර මෙය සම්පූර්ණයෙන්ම නොමිලයේ මා විසින් සිදුකරනු ලබන බව සතුටින් දැනුම්දෙනු කැමැත්තෙමි.

පංතියේ කටයුතු සදහා ඔබගේ සහය මා හට ලබාදෙනු ඇතැයි මා විශ්වාස කරමි.

පංතිය තුලින් මා සම්පූර්ණ විෂය නිර්දේශය මුල සිටම ආවරණය කිරීමට බලාපොරොත්තු වන අතර සෑම පාඩමක් අවසානයේ පාඩමට අදාළ පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි.එසේම සියලුම ඉරුදිනවලදී තනිව ඇගයීම් කිරීමට මා විසින් නිර්මාණය කරන ලද ප්‍රශ්න පත්‍රයක් ලබා දීමට අදහස් කරමි.


ස්තූතියි ....


• මාගේ විද්‍යුත් ලිපිනය :-2021acc.al@gmail.com



ඔබගේ අදහස් පහතින් කමෙන්ට් කරන්න 👍👍👍 🙏🙏👍👉🏆️👘💡

1 Comments

Previous Post Next Post